මෙම පළමු වෙළුමෙන් කියවෙන්නේ ප්රචණ්ඩ කුමන්ත්රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යට අයත් මේ දැවැන්ත නව කතාව භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි..
".....මම කවදාවත් උසාවියකට ගිහිල්ලා නෑ; උසාවිය හරි විනෝදාත්මක තැනක් ලු!" යි තෙපලා ය.
"ඇත්තටම විනෝදාත්මකයි, නාට්‍ය ශාලාවක නිෂ්පාදනය කරපු ශෝක ජනක කථාවක් දැක ලා කඳුළු හළනවා වෙනුවට, උසාවියක දී නියම අන්දමේ තාත්වික ජීවිතයේ නාට්‍යයක් බලන්න පුළුවන්. නාට්‍යය අවසානයේ දී සිය පවුල සමඟ ආහාර ගැනීමට නිවෙස බලා යන ඛේදවාචී නාට්‍යයේ සිරකරුවා වෙනුවට, කැළඹුණු, සුදුමැලි, තැතිගත් නියම සිරකරුවෙක් උසාවියක දි දකින්න පුළුවන්. මේ සිරකරුවා යන්නෙ සිර ගෙදරටයි, එතැනින් යන්නේ වධක ස්ථානයටයි. මෙබඳු දර්ශනයක් බලන්න ඔබේ නහරවල කෙතරම් ශක්තියක් තියෙනවද කියල මම දන්නෙ නැහැ. අවස්ථාවක් මතු වුණොත් ඔබට බලන්න සියලු ඉඩ කඩ මම සළසා දෙන්නම්"
සල්වීය සිටුවරයා ගේ දියණියන් වූ ද සෙරාන් මෙනෙවියගේ හිතවත් මිතුරිය වූ සුන්දර තරුණියක් විල්ෆෝර් නම් රජයේ නියෝජ්‍ය චොදක තුමා අමතමින් ඇසූ පැනයට සිය මංගල මේසයේ හිඳිමින් ඔහු ලබා දෙන පිළිතුර!
Monte Cristo Situwaraya 1 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Alexandre Dumas - ඇලෙක්සැන්ඩර් ඩූමා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- ISBN: 9789555511535
- Availability: Available
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 90